Monday, January 28, 2013

ජනතාව

පොකට් ගහන ජනතාව

පගා ගහන ජනතාව

කෝච්චිවල බස්රථවල

හොරෙන් යනෙන ජනතාව

 

හොර බඩු විකුණන ජනතාව

හොඳ බඩු හංගන ජනතාව

කහ ඉර නොපෙනෙන ජනතාව

රෙඩ් ලයිට් නොතකන ජනතාව

 

ගසා කන ජනතාව හොරා කන ජනතාව

උද්ඝෝෂණ කර කර මාළුපාන් කන ජනතාව

පොලු මුගුරු අරගෙන ගුටි කෙළගත් ජනතාව

ස්වාධීන අධිකරණෙක පහස විඳින ජනතාව

1 comment:

  1. හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete

කියෙව්වම එන හැඟීම මෙතනම විමෝචනය කරන්න. හුවමාරුවෙන් අදහස් වැඩෙනවා ඇත.