Friday, June 20, 2014

අපි සැලෙයි ඕවට!

දර්ගාවේ අහස
කලු දුමෙන් වැහුණා
අපි සැලෙයි ඕවට!
ඕව පුරුදුයි අපට


අපි මීට කලිනුත්
මිනි මරාගත්ත ජාතියක්
ඇන කොටාගත්ත ජාතියක්
වෙඩි තියාගත්ත ජාතියක්
අනික අපි කොහොමටත්
ගිනි පත්තු වෙලා ඉන්න ජාතියක්
ඉතිං ඕන එකෙකුගෙ
සුරුට්ටුවක් දැක්කම
අපෙ රැවුල දික් වෙනවා
ඉබේටම


හැබැයි මේ රටට කෙළවන්න
වෙන කාටවත් ඉඩ දෙන්න බෑ
මෙච්චර කරපු අපටම
ඕකත් කජ්ජක්ද?