Tuesday, September 25, 2012

යුද්දෙට නැති පිරිත නිවන් දකින්නද?



යුද්දෙ ඉවරයි
දැන් නෑ බියක්
යුද බිමේ දෙසති
යුගාසන කවි බණක්
සුදුම සුදු සාදුලා දෙනමක්

පිරිත් නූල් බැඳන්
වෙඩි තියපු අත්වලින්
විරුවෝ ගසති ඝන්ටාරේ

යුද පුවත්
අහපු චැනල් එකේ
දාගෙන පිරිත්
දනෝ දෙති සාදුකාරේ

රජ්ජුරුවොත් අපේ
වෙච්චි බුදුන්ගේ පරපුරේ
බණ ඇහුවත් වෙඩි තිබ්බත්
ඇරෙනවා දොර නිවන්පුරේ

චණ්ඩාශෝකලා
දෙසන බණ ඇසී
බුදුවරු කලකිරී
ගිහින් ගිහිගෙට නික්මී!

3 comments:

  1. අපූරු ලියවිල්ල..

    රජ්ජුරුවොත් අපේ
    වෙච්චි බුදුන්ගේ පරපුරේ
    බණ ඇහුවත් වෙඩි තිබ්බත්
    ඇරෙනවා දොර නිවන්පුරේ - මේ ටිකට තමා මම කැමතිම :)

    ReplyDelete
  2. මරමු කොටමු යයි දෙසමින්
    උඩුකය නිරුවතින්
    බාහු බලය දක්වා
    සටනේය බුදු පුත්තුද
    අවිහිංසාව වෙනුවෙන්

    ReplyDelete

කියෙව්වම එන හැඟීම මෙතනම විමෝචනය කරන්න. හුවමාරුවෙන් අදහස් වැඩෙනවා ඇත.