Friday, August 3, 2012

සත්තිගුම්බ




එන්න
මේ පිරිත් පැන් ටික බොන්න
මෙන්න
මේ පුළුන් අපි ගානේ
සැතපෙන්න ඔබාගෙන කනේ

වෙඩි හඬ නොගෙන කනකට
වේදනා කෙඳිරිලි නෑසෙන්නට
සැතපෙන්න ඔබාගෙන කනේ
මෙන්න
මේ පුළුන් අපි ගානේ

හඳුනනවාද මේ ගිරව් ගී කියනා
දන්නවාද මේ ගී හඬ
එන්නේ කොහි සිටද කියා

අසපුවෙන් එන ගිරා ගී හඬද මේ
එසේ නැතිව
සිල් අරන්ද සොර මුල

8 comments:

  1. හරි ලස්සන කවි පෙළකි....

    ReplyDelete
  2. විලිරුදාවෙන් ගී ගයන තරුණයා...
    අසපුවෙන් එන ගිරා ගී හඬද මේ...
    විලිරුදාවෙන් ගී ගයන තරුණයා...
    සිල් අරන්ද සොර මුල...

    ReplyDelete
  3. ඇත්තටම ලස්සනයි.ඒත් මම 'සත්තිගුම්බ' කියන එකේ තේරුම දන්නේ නැහැ.:(

    ReplyDelete
    Replies
    1. ජාතක පොත කියවන්න මෙයා, ජාතක පොත

      Delete
  4. වරද කා අතද
    සුළඟද
    සොර මුලද
    නොදනිමි

    ReplyDelete
  5. ජාතක කතාවම ලස්සනට කවියක් කරලා

    ReplyDelete

කියෙව්වම එන හැඟීම මෙතනම විමෝචනය කරන්න. හුවමාරුවෙන් අදහස් වැඩෙනවා ඇත.