Saturday, October 22, 2011

පොලිටික්ස් ඩොට් එල් කේ - මුල්ලේරියා සටන

ඒ මුල්ලේරියා සටන එකක්. මේ මුල්ලේරියා සටන වෙනමම එකක්. දෙගොල්ලක් ගිනි දවාලේ මහපාර මැද වෙඩි තියාගත්තා. දෙන්නෙක් එතනම මළා. තව කට්ටියක් ඇඩ්මිට් කළා.

දැන් මේ සීන් එක වෙච්ච වෙලාවෙ ලංකාවෙ මීඩියා ටික වැඩ කරපු විදිය බලන්න ලස්සනයි. වෙඩි තබාගැනීම වෙච්ච ගමන් මුලින්ම ගිය නිව්ස් වල කිව්වෙ "මුල්ලේරියවේ දී හටගත් සිද්ධියකින්" භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රත් ඔහුගේ ආරක්ෂකයකුත් තුවාල ලැබුවා කියලා. ඒ ගැන් අදහස් දක්වන අසවලා කියලා ගහන වොයිස් කට් එකක පළාත් සභාවෙ රේණුක තමයි කියන්නේ ඒ දෙන්නා මළා කියලා.

ඊට ටික වෙලාවකට පස්සේ කියනවා දුමින්දත් ඇඩ්මිට් කියලා. ඒත් වෙඩි තියාගත්තා කියලා කියන්නෑ. ඒකට කියන්නේ "මුල්ලේරියාවේ දී හටගත් සිද්ධිය" කියලා. භාරත මැරිලා දවස් දෙකකට පස්සේ තමයි මීඩියා කට්ටිය "වෙඩි වැදීමෙන් මියගිය භාරත ලක්ෂ්මන්" කියන වචන සෙට් එක දාන්න පටන් ගත්තේ. වෙඩි වැදීමෙන් මිය ගියා කිව්වහම නිකං මුල්ලේරියාවේ මිනිස්සු සත්තු දඩයම් කරන්න බැඳලා තිබිච්ච තුවක්කුවක මරු වැල භාරතට පෑගිලා වෙඩි වැදිලා වගේ.

මේ සිද්ධිය වෙලා දැන් සුමාන දෙකක්. තාම කිසිම ඉලෙක්ට්‍රොනික් මීඩියා එකක් දුමින්ද ඇතුළු කණ්ඩායමක් සහ භාරත ඇතුළු කණ්ඩායමක් මුහුණට මුහුණ වෙඩි තියාගත්තා කියලා හරියට කියන්නෑ. භාරත වෙඩි 'වැදිලා' මැරිලා. දුමින්ද වෙඩි 'වැදිලා' රෝහලේ. ඒත් කවුරුවත් වෙඩි තිබ්බා කියලා කතාවක් මෙතන නෑ.

අනික් අතට වෙනදට පොඩි සීන් ලොකු කරගෙන බෙරිහන් දෙන මාධ්‍ය ඔස්තාර්ලා කවුරුත් මේ සීන් එක ගැන "මේක ම්ලේච්ඡ ඝාතනයක්", "මේවා කරන අයට තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනෙ" වගේ පොර ටෝක් දෙන්නෑ. බය නැතුව ලියන සමහර පත්තරකාරයෙක් ඇරුණම කවුරුත් මේ ඝාතනය හෙළාදකින්නෙත් නෑ. මීඩියා තියා කිසිම දේශපාලන පක්ෂයක්වත් ඒ ගැන කෙළින් කතා කරන්නෑ.

භාරත එක්ක සමීප සම්බන්ධකම් තිබුණු එහෙම නැත්නම් දුමින්ද එක්ක කලින් ඉඳන්ම ඔරොප්පු ඇමතිවරු කිහිපදෙනෙක් නම් මේ දවස් වල මීඩියාවල දුමින්දට ඇට්ටි හැළෙන්න දෙනවා. ඒත් ඒ අයත් අහන්නැති ප්‍රශ්නෙ තමයි "දුමින්දව ඇරෙස්ට් කරන්නැත්තෙ ඇයි" කියන එක.

භාරතට හිතවත් මිනිස්සු කතා කරන විදිය ඇහුවම මට හිතුනෙ 'නරකම නරක දුමින්ද ෂෝක්ම ෂෝක් භාරතට වෙඩි තියලා' වගේ සීන් එකක්. ඕවෑ ඇත්ත නැත්ත කියවන ඔබට බාරයි. අන්තිමට කියන්න තියෙන්නෙ "අවි ගත්තෝ අවියෙන්ම නැසෙති" කියන එක කවුදෝ කට කහනවට කියලා තිබ්බෙ මීට ශතවර්ෂ ගාණකට කලින් කියලයි.

10 comments:

  1. අනේද කියන්නේ හසා, ඕවා ගැන ඒවා මේවා කියන්න ගිහින් නිකන් අහක ඉන්න අපි මොකටැයි වෙඩි කන්නේ? අනික ඉතින් මොකා කට කැඩෙනකන් මොනවා කීවත් ඔය මිනිස්සු බැහැලා ඉන්න ජරා වලෙන් ගොඩ එන්නේ නෑ...... අර කීවත් වගේ අපිට කරන්න තියෙන්නේ " අවි ගත්තෝ අවියෙන් නැසෙති" කියලා අහක බලාගන්න එක....

    අද පලවෙනි කොමෙන්ට් එක මගෙන්... :D

    ReplyDelete
  2. සාදරයෙන් පිලිගන්නවා හරවත් දෑ ලියන්න!කාලීන සටහනක්!
    මේ ගැන මං ලියපු සටහනකුත් තියනවා නිවාඩු වෙලාවක ඇවිත් බලලා යන්න!
    http://sabithl.blogspot.com/2011/10/blog-post_12.html

    ReplyDelete
  3. දැන් මං ගියා, මං අන්තිම පේලියට ඊයේ පෙරේද ලියපු කතාව පබ්ලිෂ් වෙලාද බලන්න, ඒ ගමන් මගේ බ්ලොගේ ලියපු පොස්ට් එකක් ගැන "සැනෙකින් කියන්න" එකේ ඇඩ් එකක් දාල හෙම බලන කොට තමා දැක්කෙ හසාගේ ඇඩ් එක. ඒ පාර විදගෙන ආවා කියෝල බලන්න. "නියමය් හසා"

    ReplyDelete
  4. මගේ බ්ලොගේ අලුත් පොස්ට් එකක් ලියල ඒකට ඇඩ් එකක් දාන්නය්, ඊයේ පෙරේද එවපු පොස්ට් එක පබ්ලිෂ් වෙලාදය් බලන්න අන්තිම පේලියට ගිය වෙලාවේ හසාගේ ඇඩ් එක දැක්කෙ, "සැනෙකින් කියන්න" එකේ.

    නියමය් හසා, "කීප් ඉට් අප්...ඇන්ඩ් ෂෝ යුව කලර්ස්"

    මගේ බ්ලොගේ කොමෙන්ට් එකක් හැටියට හසාට ඇඩ් එකකුත් දැම්ම

    ReplyDelete
  5. මොන #$% ^& බ$# කොරන්නෙ? අපි දාන කොමෙන්ට් තෝ ගිලිනවද?

    ReplyDelete
  6. ලිපිය කියෙව්වෙමි. පුරුද්දක් ලෙස දේශපාලන ලිපි වලට කමෙන්ට් දැමීමට අප්‍රියයි...!

    ReplyDelete
  7. ලකී අයිය හොඳයි කියල මම කියන්නෙ නෑ .. . . . හැබැයි මැරුනෙ දෙන්නගෙන් වඩාම හොඳ එකා . . .

    ReplyDelete
  8. ලංකාවෙ දේශපාලනේ ඊඊඊඊඊඊඊයා.........!

    ReplyDelete
  9. ලංකාවේ අපිට කරන්න වෙලා තියෙන්නේ දාමරිකයෝ ගොන්නක් අතරෙන් හොඳම දාමරිකයා හොයාගෙන චන්දෙ දෙන්නයි.. නිකම් හිතල බලන්න දාමරිකයින් නැති පක්ෂයක් තියේද අපේ රටේ ? පත්තර කාරයෝ ගැන නම් කියන්න එපා. අර අහවල් ඒක හංගගෙන අනිත් එවුවගෙන් කරන්න හදනවා.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete

කියෙව්වම එන හැඟීම මෙතනම විමෝචනය කරන්න. හුවමාරුවෙන් අදහස් වැඩෙනවා ඇත.