සැබෑව මා හෙම්බත් කොට තිබුණා.
සිහිනය මා කුළුගන්වා තිබුණා.
දුරකථනය නාද වුණා.
"හෙලෝ"
සැබෑවේ යථ සිහිනයේ මායාව මත බොඳව යමින් තිබුණා.
"හෙලෝව්"
මිණි මිණි ගිගිරි සැලුණා. සිලි සිලි සුළඟ හැමුවා. සිරි සිරි වැස්ස වැටුණා. කර්ණ සංඛ, කර්ණ පත්‍ර, කර්ණ පටහ පටල විනිවිදින්නට ඒ කිසිවක් සමත් වුණේ නෑ. ඒ කටහඬ මා අප්‍රාණික කළා. පැතූ පැතුම් දහසක, පිරූ පෙරුම් සහසක, මැවූ සිහින ශත සහසක, සිතූ සිතුම් කප්පරක හිස්තැන එසැණින් පිරී ගියා.
සැබෑ සිහිනය හෝ සිහිනමය සැබෑව ළඟ මා නතර වී සිටියා. දුර සිටි අප ළං වන්නට පටන් ගෙන තිබුණා. ඇගේත් මගේත් ආදරයට තෙරපී කිලෝ මීටර, මිලි මීටර දශම ගණන්වලට ලඝු වුණා. ඇගේ දෙතොලත් මගේ සවනත් අතර රිසීවරය නොතිබුණා නම්... කන් පෙත්ත හිරි වැටෙනවා නියතයි.
"අද එනවද මාව බලන්න"
***********************************************************************************
පීසා කුළුණේ ඇල වූ හෙවනැල්ල දිගට ඇදී තිබුණා. ඒ හෙවන මටත් මගේ සිහිනයටත්, ආලයටත් හෙවන වුණා. ලෝකය තත්පරයකට වරක් කරකැවුණා. ඒ නිසාම හැම තත්පරයක්ම දිගු වුණා.
පීසා කුළුණේ ඇල වූ හෙවනැල්ල තව තවත් දිගට ඇදුණා.
මං සුපුරුදු විදියට බලා සිටියා... ආදරය මා ළඟට එනතුරු, සිහිනය, ප්‍රීතිය, අසහනය, උමතුව මා ළඟට එනතුරු. අවුරුදු හැත්තෑ එකක් ජීවත් වෙන ඇමරිකන්කාරයෙක් අවුරුදු හතරක්ම බලාගෙන ඉන්නෙ මහමග රතු එළිය කොළ පාට වෙනකංලු. මගේ මුළු ජීවිත කාලෙම මං බලං හිටියෙ ඒ මුහුණ මගේ ආදරේ ඉස්සරහා රතු වෙනකං.
පීසා කුළුණේ ඇල වූ හෙවනැල්ල රෝමයේ කෙළවරට දිග ඇදී තිබුණා.
දිගම දිග ත්තපර අසංඛ්‍යයකට පස්සෙ ඇය පැමිණියා. රෝමයේ පදික මග මත හදිස්සියේ පිපුණු නෙළුම් මල් මත පා තබමින් ඇය පැමිණියා. මම උදාන වාක්‍යය මිමිණුවා.
"අග්ගෝ හමස්මි ලෝකස්ස"
රෝමය මලසුනක් කොට මගේ ජීවිතය ඇය පාමුල පුදන්නට මා සැරසුණා. පීසා කුළුණේ ඇලය යට අපි අපේ ආලය සැතපෙව්වා. දෙනෙත් පියවෙන්නට ඉඩ දී, දෑස් කෙවෙනි අගට සතුටු කඳුළු පුරන්නට ඉඩ දී, ලවන් දෙපෙතිවලට පිපෙන්නට ඉඩ හැරියා.
"හ්...ම්"
සීතල දෙතොල් සහ උණුසුම් ජීවිත.
රෝමය මොහොතකට නතර වුණා. බැස යන හිරු පවා ආලයෙන් මත්ව රතු වුණා. හැමෝගෙම දෙනෙත් විසල් වුණා. අයාගත් මුවින් යුතුව බලා සිටියා. කොතෙකුත් පෙම්වතුන් දැක ඇති, කොතෙකුත් පෙම් රැඟුම් ඉවසා ඇති ප්‍රේමණීය රෝම නගරයට මේ කුමක් සිදු වීද? රෝමවාසීන්ට මේ කුමක් සිදු වීද? ඔවුන් බලා සිටින්නේ අප දෙසද?
පීසා කුළුණේ හෙවනැල්ල වඩාත් දිගට ඇදී තිබුණා.
ඇය හිස ඔසවා පීසා කුළුණ දෙස බැලුවා. රෝමයත්, රෝමවාසීනුත්, ඇයත්, මාත් පමණක් නොව රෝමය පිසගෙන හැමූ සුළඟ පවා පුදුමයට පත් කරමින් පීසා කුළුණ කෙළින් වී තිබුණා.
සැබෑව මට අත වැනුවා. සිහිනය මා හෙම්බත් කොට තිබුණා. සිහිනයේ මායාව සැබෑවේ යථ මත බොඳව යමින් තිබුණා.
දෙයියනේ! මට එයාව ඉඹින්න ඕනෙ.

wow....මේ වෙලාවේ මගේ හිතේ තියන ඇත්තම ලියලා තියනවා.
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් ! ලියන්න පටන් ගත්තට.. ලස්සන වියමනක් මේ තියෙන්නෙ..
ReplyDeleteහසාගේ වචන ගැලපීම කවදත් ලස්සනයි...නීරසම දෙයක් උනත් ලස්සන වචන ගොඩකට පෙරලන්න පුළුවන් අපුරු දක්ෂතාවයක්.. ඔන්න මගෙනුත් උණුසුම් සුභපැතුම්..
ReplyDeleteනියමයි හසා...
ReplyDeleteපිසා කුලුන ඇද හැරි ප්‍රේමය කාගේද සබඳ ?
ReplyDeleteඅලුත් බ්ලොගයට මගේ සුබපැතුම්. !!
පිසා කුලුන ඇද හැරි ප්‍රේමය කාගේද සබඳ ?
ReplyDeleteඅලුත් බ්ලොගයට මගේ සුබපැතුම්. !!
This comment has been removed by the author.
ReplyDeleteමූට සඳාව තමා සෙට් කොරල දෙන්න ඕනෙ කොහොම හරි
ReplyDeleteඈ පරයො . . . බ්ලොග් පටංගෙන අපිට නොකිය හිටියාම හරිද එතකොට. . . .????? හොඳ වෙලාවට ඔබ්සර්වර් අයිය තාම ජීවත් වෙන්නෙ . . .
ReplyDeletelassanai haso.....ube wachana kohomath lassanai.........!!!!
ReplyDelete